අමුතු දවසක් කෙටි චිත්‍රපට උළෙල

අමුතු දවසක් දෙවන කෙටි චිත්‍රපට දිග්ගැස්සිල්ලට ඔබේ චිත්‍රපට ලෑස්ති කරන්න කාලයයි මේ…! අගෝස්තු 31ට පෙර ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න…

E-mail-

marvelousfilmslk@gmail.com

MFAD cover

”CHAIN” new short film will out soon

  CHAIN සම්භන්ධව මගේ හා මට දැනුනු අදහස යි අසාර්ථක කථා තේමාවක් මත කෙරුණු දක්ෂ අධ්‍යක්ෂණයක්. චරිත හසුරුවා තිබු අයුරු නම් සුවිශේෂිතයි. ප්‍රධාන චරිත දෙක, තමන්ගේ චරිත හොදින්ම අවබෝධ කරගත් බවක් දැනෙනවා.විශේෂයෙන් නළුවා වූ ධනුෂ්ක නිලවීර  මනා සංයමයකින් රගපානවා. බුධ්දි රන්දෙනිය  ලෙස හදුන්වන නිළිය අධි රංගනය අභියසට විත් යලිත් සමබර වෙනවා. එය තැන් කීපයකම දැනෙනවා. කැමරා කෝණ නම් හරි අපූරුයි . එලිය, අඳුර හොදට හදුනාගෙන තියෙනවා. මුළු සිනමා පටය තුල මා දුටු විශිෂ්ඨම අංගය කැමරා අධ්‍යක්ෂණයයි. සංගීතය හදවතට වැරෙන් කතාකරනවා . ලංකාවේ හැම කෙටි චිත්‍රපටයකින් කථා කෙරෙනුයේ ඛේදවාචකයමයි .ඇයි එයින් ඔබ්බට ගොස් වෙනස් තේමාවකට යන්න බැරි.? මුල සිටම කථාව යන ආකාරයට අවසානය සිදු වෙන්නේ මෙය යනු පැහැදිලිවම දැනෙනවා. එතරම්ම සුලබයි මේ කථා තේමාව. මුල සිටම අර අදින්නේ ඔය ඛේදවාචකයට යෑමට බව දැනෙනවා. අතිශයෙන්ම දුර්වල කථා තේමාවක්, එහෙත් හොද ,සාර්ථක අධ්‍යක්ෂණයක්. ඔබ හොද වෘත්තාන්ත අධ්‍යක්ෂකක් වන බව නම් “Chain ” හරහා සක්සුදක් සේ පැහැදිලියි.

ශෝන් මැක්ස්මස්MVI_1946.MOV.00_00_24_230

මාධව තිරිමාන්නගේ “The Soldier ” කෙටි චිත්‍රපටය- (අදහස් දැක්ම)

මාධව තිරිමාන්නගේ (Madhawa Thirimannage)”The Soldier ” කෙටි චිත්‍රපටය- (අදහස් දැක්ම)

මාධව තිරිමාන්නගේ “The Soldier ” කෙටි චිත්‍රපටය මා කීප වතාවක් නැරඹුවෙමි. . 30 වසරක යුද්ධයෙන් පසු අබාධිත රණවිරුවන් ගේ ශාරීරික ආබාධ ගැන පමණක් කවුරුත් අවධානය යොමු කරන අතර ඔවුනගේ මානසික අබාධ ගැන කිසිවෙක් එතරම් තැකීමක් නැත. මාධව, තම චිත්‍රපටයෙන් ගෙන හැර පැයේ ඒ අවධානයට යොමු නොවුණු දේ ගැනය.ඇත්තවශයෙන්ම ශාරීරික ආබධයටත් වඩා දරුණු වන්නේ මානසික ආබධයන්ය. “The Soldier” හි එය මනා සංයමකින් ප්‍රේක්ෂකයන්ට දැනේනට ඉඩ හැර ඇත. ඔවුන් මොන තරම් යුද්ධය සමග බැදී ඇත්දැයිද, එලෙසම ඔවුන් යුද්ධය නිමවූ පසුත් යුද්ධය සමගම ජීවත් වන තරමටම ඔවුනගේ මනස විකල් ව ඇත්දයිද ,ඒ අනුව ඔවුන් හැම තප්පරයකම ජීවත් වනුයේ නිමාවූ යුද්ධයක් සමග බවද අපට ඉගි කරයි. මේ මට තේමාව වැටහෙන අන්දමය. එහෙත් මාධව ඇතැම් විට වෙනයම් අදහසක් වැපිරුවා විය හැක. ඒ කෙටි චිත්‍රපට වල ස්වාභාවයය. අධ්‍යක්ෂක ගේ තේමාව ,ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ වෙනස් ආකාරයකටය. එකල සුගතපාල සෙනරාත් යාපාගේ ජාත්‍යන්තර සම්මාන දිනු “මිනිසා සහ කපුටා” කෙටි චිත්‍රපටය මට වැටහුනේ සුගතපාලගේ ආකෘතියට පටහැනිවය. පසුවය, මා සුගතපාල ගේ සිනමාකරණය හදුනා ගත්තේ. ඔහු එක චිත්‍රපටයෙන් ,තව චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කරයි. “මිනිසා සහ කපුටා” ඔහු දරන මතයම අපද දැරුවහොත් ඔහුගේ අභිලාශය ඉෂ්ඨ නොවේ. අප ඔහුගේ මතයටත් එහා යා යුතුය. මාධව ගේ “The Soldier “තුලිනුත් මා දුටුවේ එයය. ඔහු වස්තුබීජයක අක්මුල් දී ඇත. අප ඒ සමග වැඩෙන්නට ඉඩ හල යුතුය. මෙම චිත්‍රපටයෙන් අපට බොහෝ දේ සිතන්නට ඉඩ හැර ඇත. අප දැන් සිතන්නෙමු. ඉදිරියටද සිතන්නෙමු. බොහෝ කාලයක් එක් එක් තල වලින් සිතන්නෙමු. ඒ මාධව දක්ෂ ලෙස තම නිර්මාණය තුල අපව රදවා ගන්නා නිසාය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගම් පෙරළිය” “දෙලොවක් අතර” “ගොළු හදවත” දැන් අවුරුදු 50 ක කාලයක් සිට තවමත් අපව රදවා ගෙන ඇත . තව දශක ගණනාවක් ඉදිරියටද අපව රදවා ගනු ඇත. මාධවගේ “The Soldier” තුලින් මා දුටු ලක්ෂණයද එයට සමානය.
ධනුෂ්ක නීලවීර නළුවෙක්දැයි මම නොදනිමි . එහෙත් ඔහු ගේ රගපෑම් තුල කිසියම් විනයක් තිබුණි. චරිතයේ තිගැස්ම, මනෝමය විකාරනුපිත බව මට මතක් කලේ ධර්මසේන පතිරාජා ගේ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටයේ සෙවනැල්ලක්ය. ඔහුගේ දෑස් අග්ගිස්ස තුල රැදුණු නිර්මාණයේ තේමාව, අපට උකහගන්නට ඔහු පහසු කරයි.. ඔහු මාධව තිරිමාන්නව චිත්‍රපටය තුලින් නියෝජනය කිරීමේ වගකීම ඉටු කල බවක් පෙනේ.

“The Soldier හී අගය කලයුතු කාර්යක් සංස්කරණ,ශිල්පියා විසින් කර තිබුණි. කැමරා කෝණ තියුණුය. සංගීතය, නිර්මාණයේ හරය සමග බද්ධ වී තිබුණි.
ලාංකේය සිනමාවට මාධව තිරිමාන්න වැන්නන් ගේ අවශ්‍යතාවය දැඩිවන යුගයකය අප දැන් සිටිනුයේ. එය වටහා ගැන්මට”The Soldier” හරහා ඔහු අපට දෙන ඉගිය හොදටම ප්‍රමාණවත්ය .

-ශෝන් මැක්ස්මස් දිසානායක-

link: http://baiscope.com/2017/10/28/madhawa-thirimannage-the-young/IMG_96537M7A2202

කෙටි චිත්‍රපට නිර්මාණය කොට සම්මාන පිට සම්මාන ලබන මාධව ශ්‍රීනාත්

13466181_1222020901142554_8651199765729746725_n

ඔහු මාධව ශ්‍රීනාත් තිරිමාන්න. කුඩා කල සිට ම සිනමාවට පෙම්බැඳි මාධව කෙටි චිත්‍රපට නිර්මාණයට ද එක සේ දස්කම් පාන්නෙකි. පසුගියදා පරිසර අමාත්‍යාංශය සංවිධානය කර තිබූ කෙටි චිත්‍රපට උලෙළේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබූ ඔහු මේ වනවිට නිර්මාණය කර ඇති කෙටි චිත්‍රපට ගණන එකොළහක් පමණ වේ. මේ කෙටි චිත්‍රපට බොහොමයකට ම සම්මාන හිමිකර ගැනීමට හැකි වීම ඔහු ලද ජයග්‍රහණයකි.

“මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ පාසල් වේදිකාවෙන්. වේදිකා නාට්‍යවල රඟපාමින් සිටින අතරතුර සිනමාව පිළිබඳ උනන්දුවක් වගේ ම ආසාවක් මගේ හිතේ ඇති වුණා. ඒ නිසා මම කෙටි චිත්‍රපට කලාව ප්‍රගුණ කළා. ඒ අනුව දේශප්‍රිය බණ්ඩාර ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතෙ මම 2013 වසරේ දී ‘E ternal love’ කියන ආදරය තේමා කොටගත් මගේ පළමු චිත්‍රපටය නිර්මාණය කළා. ඒ උත්සාහය සාර්ථක වූ නිසාත් මෙම කලාවට ආදරය කළ නිසාත් පසුව කෙටි චිත්‍රපට එක දිගට කිහිපයක් ම නිර්මාණය කිරීමට මට හැකිවුණා. 2015 වසරේ දී ‘මහී’ (Earth) කෙටි චිත්‍රපටයක් 2015 දී ජාතික තරුණ සේවා සභාවේ පැවැති තරගාවලිය සඳහා ‘The soldier’ කියන කෙටි චිත්‍රපටයක් මම නිර්මාණය කර ඉදිරිපත් කළා. එහිදීත් මට කුසලතා සම්මාන ලැබුණා. එම කෙටි චිත්‍රපටයටම ‘Creative International Open Film Festivel’ එකේදී ජූරියේ විශේෂ සම්මානය හිමි වුණා. මේ සම්මානයේ විශේෂත්වය තමයි රටවල් 105 කින් සහභාගි වූ ලොකුම ජුරි මණ්ඩල සභිකයන් ගණනකින් රටවල් 338 ක කෙටි චිත්‍රපට 4000 ක් අතුරින් මගේ කෙටි චිත්‍රපටයට මෙම සම්මානය හිමි වීම. මෙය සංවිධානය කළේ ඇමෙරිකාව සහ බංගලාදේශයයි.

මම මේ චිත්‍රපටයට තේමා කර ගත්තේ රටක යුද්ධයකින් පසුව ඇති වන මානසික ආබාධ පිළිබඳවයි. සාමාන්‍යයෙන් යුද්ධයකින් පසුව බොහෝ දෙනා බලන්නේ රටක සිදු වූ භෞතිකමය පාඩු පමණයි. එයින් සමාජයට මිනිසාට එයට දායක වූ සොල්දාදුවන්ට ඇති වූ මානසික ගැටලු සොයා බලනවා අඩුයි. ‍ෙම් සම්බන්ධව තමයි මම කෙටි චිත්‍රපටය ඔස්සේ විචාරයට බඳුන් කළේ.

එය සාර්ථක කතා තේමාවක් බවට පත්වීමත් වගේ ම ඇගයීමකට ලක්වීම ගැනත් මම සතුටු වෙනවා. මේ වගේ සමාජයේ මිනිසා නොදකින විවිධ මාතාකා යටතේ මෙම කෙටි චිත්‍රපට ‍නිර්මාණය කර තිබෙනවා. ඉදිරියටත් ඒ දේවල් සිදුකරන්න බලා‍පොරොත්තු වෙනවා. මේ සියලු කටයුතු වලදී මට දිරි දෙමින් මාව දිරිමත් කරන්නේ මගේ මව හා ප්‍රිය බිරියයි.

නො. 33, කන්‍යාරාම පාර, 2 වැනි පටුමග, වත්තල. මාධවගේ ලිපිනයයි.

MY NEWS ARTICLE IN SILUMINA NEWS PAPER 8/7/2016
මාගේ නිර්මාණ පිලිබද ඉරිදා සිලුමින පත්‍රයේ පලවු ලිපියයි click this to the newspapers

international award from CreActive International Open Film Festival IOFF

දයාබර සොයුරනි සොයුරියනි , අද දින මා විසින් ප්‍රථම ජාත්‍යන්තර සම්මානය ”The Soldier”” චිත්‍රපටය උදෙසා CreActive International Open Film Festival IOFF) චිත්දි‍රපට උළෙලේදි දිනාගත් බව ඉතාමත් සතුටින් දැනුම්දෙමි…. චිත්‍රපට 4000 ක් සහා රටවල් 105 අතරින් තරගකොට මෙම ජයග්‍රහනය ලැබිම මට පමනක් නොව අප රටටද එය අභිමානයක් වනවා නොඅනුමානයි.
මීට
මාධව තිරිමාන්න.

Dear friends
I’m glad to inform you that today I have won my first international award from CreActive International Open Film Festival IOFF) [ 4000+ films, 105 countries, 338 international juries, one of the “Top 100 Best Reviewed Festival” in the world] . It’s an honor not only for me it’s an honor for my country .thank you everyone who support me….
From
Madhawa Thirirmanna

the-soldier